Colombo Today Local News

මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීති

මැතිවරණ නීති රීතිවලට පටහැනිව කටයුතු කරන පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳව සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවය.

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් සියලු පොලිස් නිලධාරින්ට ලබා දී ඇති බැවින් ඊට එරෙහිව කටයුතු කරන නිලධාරින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මේ වන විට පුද්ගලයින් 317 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මේ අතර මහ මැතිවරණය සඳහා ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් හෙට (31) දිනයේ සිට විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Related posts

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් ගෙවීමට කැබිනට් අනුමැතිය

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

භික්ෂුවට භික්ෂුවගේ කාර්යභාරය උගන්නන්න ආ උතුරේ ආණ්ඩුකාරයාට සිංහල රාවයෙන් පිළිතුරු

colombotoday

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday