ජාතික මැතිවරණ කොමිෂන් සභාව බලාත්මක කරමින් සභාපතිවරයෙක් සහ සෙසු සාමාජිකයන් පත්කර ඇත. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත්කර ඇත. සෙසු සාමාජිකයන් ලෙස නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන් පත්කර ඇත.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ නම් ව්‍යවස්ථාදායක සභාව විසින් පසුගියදා යෝජනා කෙරුණි. අදාල නම් ජනාධිපතිවරයාගේ අනුමැතිය සදහා යොමු කර තිබු අතර, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ටී. කණගරත්නම් මහතා ද මුල්‍යමය කොමිසමේ සභාපති ලෙස යූ.පලිහක්කාර මහතාද ප්රතිසම්පාදන කොමිසමේ සභාපතිවරයා ලෙස ඒ.එම් ෆොන්සේකා මහතාද පත් කර ඇති බව වාර්තාවෙයි.