Colombo Today Local News

මාවනැල්ල බුදු පිළිම කැඩුවන්ට ඇප නෑ

බුදු පිළිමේ කැඩිමේ සිද්ධියේ සැකකරුවන් මාර්තු 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 27 නියෝග කළේය.

ඒ මහතා එම නියෝගය ලබා දෙන ලද්දේ දෙපාර්ශවයේ නීතිඥ මහත්වරුන්ගේ කරුණු සලකා බැලිමෙන් අනතුරුයි.

මෙම සිද්ධියට අදාළව කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සැකකරුවන් 13 දෙනෙකු රඳවා පොලිසිය සහ කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ සිදු කරයි. මෙම සැකකරුවන් 13 දෙනා හැරුණු විට තවත් සැකකරුවන් 4 වනාතවිල්ලූව ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඔවුන් කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණ මේ වනවිට ක‍්‍රීයාත්මක වෙයි.

අද දිනයේ ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමක් සිදු නොවු අතර කෑගල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් 13 දෙනාගෙන් 12 දෙනෙකු පමණක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. 5 වැනි සැකකරු රෝගාතුරු වි ඇති බව බන්ධනාගාර නිලධාරියෙකු විසින් මහේස්ත‍්‍රාත්වරයාට දැන්විය.

එහිදි පොලිසිය මගින් ජනවාරි 20 වැනි දින අත්අඩංගුවට ගනු ලැබු පුත්තලම ප‍්‍රදේශයේදි අවි ආයුධ සමග කොටු වු තරුණයන් සිව් දෙනාගේ කටයුතු වලට යොදා ගත් බව කියන 2855 වෑන් රථයක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. පොලීසිය පැවසුයේ අදාළ වෑන් රථය සැකකරුවන් විසින් වෙනත් පුද්ගලයෙකුට විකුණා තිබියදි කුරුණෑගල කැකුලගොල්ල ප‍්‍රදේශයේදි සොයා ගත් බවයි.

පසුගිය පෙබරවාරි 13 වැනි දිනයේ මෙම සිද්ධියේ නඩු විභාගයේදි අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව මගින් මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ සිවු දෙනෙකුගේ බන්ධනාගාරයේදි ප‍්‍රකාශ සටහන් කර ගැනිමට අවශ්‍ය අවසරය අධිකරණය මගින් ලබා දෙන ලෙසයි.

එම නඩු දිනයේදි මහේස්ත‍්‍රාත්වරයාගෙන් කොන්දෙසි හරහා එම අවසරය ලැබුණු අතර සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් දෙදෙනා විසින් අද 27 අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදාළ අවසරය ලැබිමෙන් පසුව සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරිමේදි බැණ තර්ජනය කර සිර ගත වි ඇති අයගෙන් ප‍්‍රශ්න කිරිම වැරදි සහගත වන ලෙස ඔවුන්ගේ මිනිස් අයිතින් වලට හානියක් වන ලෙස සිදු කර ඇති බවටයි. 

මෙම අවස්ථාවේ මේ සිද්ධියට අදාළව මාවනැල්ල නිතීඥ මණ්ඩලයම නැගිට සැකකරුවන්ට විරුද්ධව පෙනි සිටි අතර එහිදි අධිකරණයේදි නීතිඥයන් දෙපිරිස විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. ඒ අතර පොලීසිය, බන්ධනාගාරය කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරින්ද විය.

Related posts

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday

“රට අරාජිකයි.. සිරිසේන-රනිල් ආණ්ඩුව සංඝ භේදයත් ඇති කරලා.. නව දේශපාලන බලවේගයක් එනවා.. ස්ථීරයි“ – විමල්

colombotoday

2017 වසරේ ඩෙංගු රෝගීන් 184000 ක්‌ මරණ 430 ක්‌

colombotoday

අවම බලයෙන් එ.ජා.ප. මන්ත්‍රීන් මට්ටු කළා – මරික්කාර්ලාගේ කණ පලපු හැටි ලොකුගේ පැහැදිළි කරයි

colombotoday

GSP+ අහිමිවීමේ අවදානමක්…

colombotoday

රොයල් පාක් ඝාතකයාට සමාව දුන්නේ ආගමික නායකයන්ගේ ඉල්ලීම මතයි – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday