Colombo Today Local News

මලික් සහ කබීර් අත්අඩංගුවට ?

අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම කබීර් හෂීම් ඉදිරි කාලය තුළ අත්අඩංගුවට පත්වීමේ ඉඩකඩ ඇතැයි වාර්තා වෙයි.

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට හිතවත් කතාබහට ලක්ව සිටි ව්‍යාපාරිකයෙකුට සහන ලබා දීම සඳහා ඔහුට එරෙහි අල්ලස් චෝදනා 10ක් ඉවත් කරගැනීම සඳහා අමාත්‍යවරයා මැදිහත් වී ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක් පසු වන අතර මලික් සමරවික්‍රම මහතාට ගැලවීමක් නොමැති බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් මංගල සමරවීර මහතාගේත් ළඟම හිතවතෙකු ලෙස මලික් සමරවික්‍රම මහතා හඳුනාගෙන සිටියද ජනාධිපතිවරයාගෙන් කිසිම බුරුලක් හිමි නොවනු ඇති බව සඳහන්.

මේ අතර කබීර් හෂීම් මහතාටද චෝදනා එල්ල වී තිබේ. ඔහුගේ පවුලේ සාමාජිකයින් විවිධ පුද්ගලයන්ගෙන් අල්ලස් ගෙන ඔවුන්ගේ බැංකු ගිණුම් තරකරගෙන ඇති බව සඳහන්. ඔහුගේ නීතිවිරෝධී බැංකු ගිණුම් හරහා මිල අධික මෝටර් රථ සහ නිවාස මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. මේ ආකාරයට කබීර් හෂීම් මහතාට චෝදනා එල්ල වී තිබියදී ඔහුගේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට තවදුරටත් වගකීම් පැවරීම් අනෙක් පසින් එල්ල වී ඇති චෝදනාවයි.

රනිල් වික්‍රමසිංහ මහතා එලෙස වගකීම් පැවරීම හරහා තවදුරටත් දූෂණ සඳහා පෙළඹීමට කබීර් හෂීම් මහතාට ඉඩ සලසා දී ඇති බවට වික්‍රමසිංහ මහතාටද චෝදනා නැගෙන තත්ත්වයකට පත්ව ඇත.මේ අනුව මෙම අමාත්‍යවරුන් දෙදෙනා ආණ්ඩුවට අපකීර්තියක් අත්කර දී ඇති බවටයි නිගමනය වී ඇත්තේ.විශේෂයෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුවටද මොවුන් දෙදෙනාගේ සම්බන්ධයක් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර ඉදිරියේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමේ ආසන්නතම කාරණය එය විය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග අවධාරණය කරන්නේ.

Related posts

උතුරේ මියගිය අය සමරා විග්නේෂ්වරන් ස්මාරකයක් විවෘත කරයි

colombotoday

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට බලපත්‍ර හෙට සිට එකම ආයතනයකින්

colombotoday

අත්අඩංගුවට ගත් රේස් යතුරුපැදි 10ක රස පරීක්ෂක වාර්තා කැඳවයි

colombotoday

මහා සංඝරත්නය,දෙමළ සහ මුස්‌ලිම් ආගමික නායකයන් ඥානසාර හිමි නිදහස්‌ කරනවාට විරුද්ධ නෑ – දුමින්ද දිසානායක

colombotoday