Colombo Today Local News

මන්නාරමදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

මන්නාරම, පරප්පාකණ්ඩාල් ප්‍රදේශයේ දී යතුරු පැදියකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා මන්නාරම කඳවුරේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 252ක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි යාපනය, සුල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

සැකකරු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

“ආහාර හිඟයක් ඇති වෙන්න ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැහැ ” – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

colombotoday

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

“අපට දිනන්න බෑ.. 2020 පොදු අපේක්ෂකයෙක් දාල රාජපක්ෂලා පරද්දනවා” – ධීවර රාජ්‍ය ඇමති

colombotoday

ඤාණසාර හිමි සිරගත කිරීම පිටුපස රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙක් සහ ඇමතිලා දෙදෙනෙක්

colombotoday

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday