Colombo Today Local News

මද්දකට හසුවූූ කළු කොටියා මියයයි

හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේදි පසුගිය 26 වැනිදා මද්දකට හසුව බේරාගත් පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා මියගොස් තිබේ.

වනජීවී නිලධාරී භාරයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සත්වයා මියගොස් ඇත.

වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා පැවසුවේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද පියවර ගන්නා බව වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

මෙම කළු කොටියා හසුවූ මද්ද ඇටවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගැනිණ.

සැකකරු එම වගා බිමේ හිමිකරු බවට තොරතුරු වාර්තා වේ.

Related posts

අවුල තව දුර යයි.. සයිටම් පවරා නොගත්තොත් රට පුරා වර්ජන රැල්ලක්

colombotoday

හෙට පෙරහුරු මැතිවරණයක්

colombotoday

නිට්ටෑ බිය ගලගේදරටත්. රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර යති

colombotoday

අද පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

ගබඩා කර තිබූ ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි

colombotoday

නිදහස් කළ හිටපු කොටි සාමාජිකයන් නැවත අත්අඩංගුවට ගන්නවා.. එය සංහිදියාවට බාධාවක්

colombotoday