Colombo Today Local News

මඩකලපුව සියොන් දේවාස්ථානයේ ප්‍රහාරයට යොදාගත් යතුරු පැදිය තිහාරියේදී අල්ලයි….

මඩකලපුව කතෝලික දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීමට පැමිණි බව කියන යතුරු පැදි දෙකෙන් ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් පොලිස් කණ්ඩායම් තුනක් ඒකාබද්ධව අද (28) දවස පුරා කරන ලද සෝදිසි මෙහෙයුමකදී එහි නිවසක සඟවා තිබියදී සොයා ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලිසිය ගම්පහ බුද්ධි තොරතුරු ඒකකය හා නිට්ටඹුව පොලිස් නිල සුනඛ අංශය ඒකාබද්ධව අද දවස පුරා තිහාරිය ප‍්‍රදේශයේ මෙම යතුරු පැදිය සොයා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් සිදුකරනු ලැබීය. 

මෙදින පස්වරුවේ තිහාරිය ජුනයිට් මාවතේ නිවසක සඟවා තිබියදී යතුරු පැදිය එසේ සොයා ගෙන ඇත.

යතුරු පැදිය මුස්ලිම් ගම්මානයේ කුලී නිවසක සඟවා තිබූ බවද පොලිසිය කීය. යතුරු පැදියේ අංක තහඩුවද කෑලි 36 කට කපා සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් භාවිතා කළ යතුරු පැදි පහෙන් එකක් මෙම යතුරුපැදිය බවත්, මඩකලපුව කතෝලික දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සඳහා පැමිණි එක් යතුරු පැදියක් මෙය බවද රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සනාථ කර ඇති බව නිට්ටඹුව පොලිසියේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

Related posts

මහින්දගේ අලුත් පක්ෂයේ පළමු මාධ්‍ය නිවේදනය නිකුත් වෙයි.. සංවේදී පුවතකින් මාධ්‍ය සටන අරඹයි

colombotoday

අත්අඩංගුවට නොගන්නැයි ජොනීගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය : තවත් සැකකරුවෙකු CID අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීමට සූදානම්

Admin

බුද්ධික-සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරී.. ජනපති හමුවෙයි !

colombotoday

තෙල් පෝලිමක සිටි තවත් අයෙක් ලොරිය තුළම මිය ගිහින්

colombotoday