Colombo Today Local News

භික්ෂුව ජාතියේ මුරදේවතාවුන් වනවා මිස අලියා,අත,පොහොට්ටුවේ මුරදේවතාවුන් නොවිය යුතුයි – අස්ගිරි අනුනාහිමි

භික්ෂුව දේශපාලනයට නතුවී යූ.එන්.පී. මුරදේවතා, පොහොට්ටුවේ මුරදේවතා හා බුලත් කොළේ, අතේ, සීනුවේ මුරදේවතාවා බවට පත් නොවී ජාතියේ මුරදේවතාවා බවට යළිත් පත්විය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පවසති.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් භික්ෂූන් වහන්සේලා 26නමක් මන්ත්‍රී හාමුදුරුවරු බවට පත්වී ඇති බවත්, භික්ෂු ක්‍රියාකළ යුත්තේ බලය උදෙසා මන්ත්‍රීකම් ගැනීම නොව ගිහියන්ට දැහැමි පාලනයකට මග පෙන්වීම යැයිද උන්වහන්සේ අවධාරණය කර සිටිති.

රටේ ජනතාව ගරු කරන්නේ ජාතියේ මුර දේවතාවුන්ට මිස පක්ෂවල මුර දේවතාවුන්ට නොවේ, අතීතයේ වාරියපොළ සුමංගල හිමි, කුඩාපොළ හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ නාහිමි වගේ සගරුවන මෙන්ම මෑත යුගයේ යක්කඩුවේ හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, ගංගොඩවිල සෝම හිමි, බෙල්ලන්විල විමලරතන හිමි වැනි ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන්ගේ නාමය අමරණීය ලෙස ජනතාවගේ හදවත්වල රැදුණේ මන්ත්‍රී පදවි ලැබිල නෙවෙයි යැයිද උන්වහන්සේ පවසති.

නාහිමියන් මේ බව කියා සිටියේ බලංගොඩ දී පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමිනි.

Related posts

“මා දන්නා විග්නේෂ්වරන් ජාතිවාදියෙක් නොවේ..“ – මහින්ද

colombotoday

මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සිසුන් 40,000 ක් අලුතෙන් බඳවා ගැනීමට ජනාධිපතිගෙන් තීරණයක්

colombotoday

“ජනතාවගේ සෞඛ්‍යට සීනි අගුණයි.. සියලු සීනි නිශ්පාදන සදහා බද්දක් අයකරනවා” සෞඛ්‍ය ඇමති රාජිත

colombotoday

උත්සව සමයේදී සතොසෙන් අඩුවට සහල්

colombotoday

රටපුරා ෆෙඩරල් වැඩමුළු… අනුග්‍රහය ඇමරිකානු රජයෙන් !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

colombotoday