Colombo Today Local NewsCovid 19

බේරුවල, පන්නිල ග්‍රාමයත් වසා දමයි

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කොරෝනා වයිරස ආසාදිතයකු අද (29) රාත්‍රියේ සෞඛ්‍ය අංශ මැදිහත්ව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය .

හඳුනාගත් ආසාදිතයා පදිංචි බේරුවල පොලිස් වසමේ පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන බව කියයි.

මෙම ආසාදිතයා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියැදුරකු වන අතර එම පුද්ගලයා ස්ථාන 20 ට වැඩි ප්‍රමාණයක සැරිසරා ඇති අතර එම ස්ථාන හා පුද්ගලයන් සොයා නිරෝධායන කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව පැවසීය.

අද (29)රාත්‍රියේ හමුවූ ආසාදිතයා සමග බේරුවලින් මේ වන විට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හමු වී ඇති බව වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday

සීනි සහ කුකුල් මස් පාලන මිල ඉවත් කෙරේ

colombotoday

රට බංකොලොත් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව

colombotoday

ඉන්දියාවෙන් පැන ආ තවත් අයෙක් මුල්ලියාවේලි දී සොයාගනී

colombotoday

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

colombotoday

මෛත්‍රි, රනිල් හා මහින්ද අසාර්ථක නායකයන්. – සරත් විජේසූරිය

colombotoday