Colombo Today Local News

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ ජේලර් කාලිංග කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට තීරණය කර තිබේ.

වරෙන්තු නිකුත් කර තිබූ සැකකාර ජේලර්වරයා පසුගිය 24 වන දා අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුවට භාර වී තිබුණි.

සිදුකළ ප්‍රශ්නකිරිම්වලින් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ (25) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී මිගමුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ජෙලර්වරයා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

එහිදී ආරක්ෂිත පියවරක් ලෙස සැකකාර ජෙලර්වරයා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට පියවර ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඝාතනයකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධ සමග අල්ලයි

Admin

“ඔන්න බබෝ අපි ආවෝ.. අත ලකුණෙන් අපි ආවෝ” – ශ්‍රීලනිප සමුළුවේ විස්මිත ගුවන් වීඩියෝව

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා… බදුයුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනයක්

colombotoday

ගෝඨාභය රජයේ වැරදි ආර්ථික කළමනාකරණ තීන්දු ගැන විගණනයක් ඇරඹේ..

colombotoday

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday