Colombo Today Local News

බන්ධනාගාර තාප්පෙට ඉහළින් එන පාර්සල්

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කළ පාර්සල් 18ක තිබී හෙරොයින් ඇතුළ තවත් ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබේ.

ඊයේ (15)දින රාත්‍රියේ දී බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් මෙම පාර්සල් විසි කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ අනුව එම පාර්සල්වල තිබී ජංගම දුරකථන 38ක්, දුරකථන බැටරි 264ක්, සිම් කාඩ්පත් 20ක් , හෙරොයින් ග්‍රෑම් 3.5ක්, මාවා පැකට් 10 ක් හා දුම්කොළ 40ක් සොයා ගෙන තිබේ.

මෙම ද්‍රව්‍ය සියල්ල බොරැල්ල පොලීසියට මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී ඇත.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පුද්ගලයින් 7ක් දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

කුරගල පුදබිමට ජූජා භූමි ඔප්පුවක් දෙයි.. සහජීවනය තකා අනවසර පල්ලිය ඉවත් නොකෙරෙයි !

colombotoday

වසර තුනක සිරදඬුවම් නියම වූ හිරුණිකාට සති තුනකට පසු ඇප

Admin

දේශීය බීජ අයිතිය බංග්ලාදේශ සමාගමකට.. රට්ටුන්ගේ බත් කෑමේ අයිතියත් නොරටුන්ට !!

colombotoday

මන්ත්‍රීවරු සටන දිනයි… බදු රහිත වාහන බලපත්‍රය නැවත ලැබෙයි

colombotoday

හෙරොයින් කිලෝ 50ක් සමග පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday