බංගලාදේශයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ගෑස් පිපිරීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක පළ කෙරෙන අතර එහිදී තවත් පුද්ගලයින් 45 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පිපිරීම සිදුවන අවස්ථාවේ එම දේවස්ථානය තුළ බැතිමතුන් විශාල පිරිසක් රැඳී සිට ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබේ.