Colombo Today Local News

පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි….

වැලිකඩ බන්ධනාගාරය තුළ දී 2012 වසරේ  ආරක්ෂක අංශ  විසින් සිදුකළ සෝදිසියකදී  රැඳවියන් 27 දෙනකු ඝාතනය  කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ  අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරය සිට ඇප මත මුදා හැර සිටින  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද  (21) සිට නැවත සේවයේ පිහිටුවා ඇති බව පොලිසිය කියයි.

නියෝමාල් රංගජීව මහතා නැවතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ම  සේවයේ පිහිටුවා ඇති බවත්  ආයතන සංග්‍රහයේ  ප්‍රතිපාදන  අනුව  පොලිස්පතිවරයා  විසින් මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.

තමන් යළි සේවයේ පිහිටුවන ලෙසට රංගජීව මහතා පෙරේදා (19) වැනි දින පොලිස්පති සහන මැදිරියට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එම අභියාචනය  ඊයේ  (20) දින පොලිස්පතිවරයා  පරීක්ෂා කර මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව මහතා රහස් පොලිසිය විසින් ඉකුත් මාර්තු මස 23 වැනි දින අත්අඩංගුවට ගෙන තබුණි.

Related posts

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයි

Admin

යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි තොග විදේශ රටවලට විකිණේ !

colombotoday

ව්‍යවස්ථාව ගේන්නෙත් යුද අපරාධ චෝදනා කරන පිරිසමයි.. ජනමතවිචාරණයක් තිබ්බොත් පරාදයි

colombotoday

නිදහස් කල සිරකරුවන් අතර “සිංහල කොටි” පස්දෙනෙක්

colombotoday

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday

ආර්ථික මධ්‍යස්ථාන රැසක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහතට

Admin