Colombo Today Local News

පොලිස් තේමා ගීතය දෙමළ බසින් එළිදකී

වසර 151 ක ශ්‍රී ලංකා පොලිස්ඉතිහාසයේ ප්‍රථම වරටපොලිස් තේමා ගීතය දෙමළ බසින් පරිවර්තනය කොට එම පරිවර්තනය නිල වශයෙන් ඊයේ (20දා) වවුනියාවේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙතට බාරදෙනු ලැබිණි.

පොලිස් ගීතයේ දමිළ නිර්මාපක කන්දප්පු ජයන්දන් මහතා එය ඇතුළත් සංයුක්ත තැටියක් ඊයේපෙරවරුවේ වවුනියාව පොලිස් සංකීර්ණ භූමියේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත මෙය පිළිගැන්වූ අතර,එදිනම මුලතිව් නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවේදී එය පළමු වරට වාදනය කෙරිණි.

මෙම අවස්ථාවට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උතුරු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

Related posts

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday

ඥානසාර හිමි කාටත් හොරෙන් ජපානෙට වැඩම කර සමාධි බුදු පිළිම වහන්සේගේ තීන්ත අලේප කරති

colombotoday

අස්ගිරි අනුනාහිමිගේ ප්‍රකාශය අශිෂ්ඨයි.. වහා භික්ෂූ සංඝායනාවක් ඕනෑ – මංගල කියයි

colombotoday

තානාපති කාර්යාල කිහිපයක් වැසෙයි

colombotoday

හයවැනිදා විවාදය ඇස්බැන්දුමක්.. “පැය කිහිපයක් විවාද කර පලක් නෑ“ – ජනපති කියයි

colombotoday

රට අස්ථාවර කරන්න එපා! මල්වතු මහ නායක හිමි

colombotoday