Colombo Today Local News

පොම්පියෝ නෙමෙයි ඊට වඩා ලොක්කෙක් ආවත් දැන් රට පාවා දෙන්නේ නෑ

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් අද(29)දින අමාත්‍ය විමල් වීරවංශ මහතා අදහස් දැක්වීය…

“අපි ඉතාම පැහැදිලිව දන්නවා මයික් පොම්පියෝ නෙමෙයි ඊට වඩා ලොක්කෙක් මේ රටට ආවත්, ඒ ඕන ලොක්කෙකුට මේ රටේ ගෞරවය රැකගෙන මේ රටේ අභිමානය රැකගෙන. සෛවරීත්වය පාවලා දෙන්නේ නැතුව අපේ ස්වාධීනත්වය පාවලා දෙන්නේ නැතුව ඒ ඕනෑම කෙනෙක් එක්ක අවශ්‍ය ගනුදෙනුව කරන්න පුළුවන් නායකත්වයක් මේ රටේ අද අපි බලයට ගෙනල්ලා තියෙනවා. එහෙම නායකත්වයක් ඉන්න වෙලාවක. එන්නේ කවුරු වුණත් එන කෙනාට අවශ්‍ය විදියට වැඩේ වෙයි කියලා හිතන්න, අපිට උවමනාවක් නෑ. හැබැයි දැන් කලබල වුණ මහත්වරු එදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වෙලාවේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ආවා හීන් කෙඳිරියක්වත් නැගුවේ නෑ. තවත් අවස්ථාවක සමන්තා පවෙල් ආවා. එයා තමයි ශ්‍රි ලංකාවට හතුරු යෝජනා ගෙන එන්න විශාල වැඩ කොටසක් කළේ. හීන් කෙඳිරියක්වත් නැගුවේ නෑ.”

Related posts

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

සිංහලයාගේ එකම රට මේ රටයි.. මේ පාලකයන්ට ඕන ඕන විදිහට වැඩකරන්න දෙන්න බෑ – අස්ගිරි මහා නාහිමි

colombotoday

වීරකැටිය ප්‍රා. සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිය පිරිසකට වෙඩි තැබීමක්. දෙදෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

සුළු වැරදිවලට හා ඇප තැබීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්න ජනාධිපතිගෙන් උපදෙස්

colombotoday

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

colombotoday