Colombo Today Local News

පුංචි ඡන්දයට මහින්ද, විමල්, වාසු “අපේ නිදහස්‌ පෙරමුණෙන්”

apenidahasperamuna

ලබන වසරේ මුල් භාගයේ පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හා ඉදිරි දේශපාලන කටයුතු ඉලක්‌ක කරගෙන ”අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණ” නමින් අලුත් දෙශපාලන පක්‍ෂයක්‌ බිහිකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇතැයි විශ්වාස කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන මෙම ”අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පෙරමුණට” ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහින්ද පිල, ජාතික නිදහස්‌ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, වාසුදේව නානායක්‌කාර මහතාගේ සමසමාජ බලවේගය ඇතුළු අනෙකුත් සංවිධාන ගණනාවක්‌ ඇතුළත් බව ප්‍රකාශ කළ ආරංචි මාර්ග සඳහන් කළේ රජය පළාත්පාලන මැතිවරණය කැඳවූ වහාම මෙම බලවේගය එළිදක්‌වන බවය. දැනට රටපුරා විසිර සිටින, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට අයත් පළාත්පාලන ආයතන ප්‍රධානීන්ගේ හා පළාත්පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන්ගේ දැඩි ඉල්ලීම හා කැප කිරීම මත මෙම පෙරමුණ බිහිවන බව ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළිකර සිටියි.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජයග්‍රහණය අවහිර කරමින් ද මහින්ද පාර්ශවය මහත් කරදර හිරිහැර විදිමින් ලබාගත් ජයග්‍රහණය තුළ හිමිවූ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධූර පවා පැහැර ගෙන තම හිතවතුන්ට දෙමින් ද වත්මන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නිලධාරීන් ගෙනගිය හිතුවක්‌කාර ක්‍රියාකලාපයේ අමිහිරි මතකය නොනැසී තිබියදී තවදුරටත් රැවටී ඊළග මැතිවරණයත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෛත්‍රී පිල සමග එක්‌ව කටයුතු කරන්නට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් නැතැයි මේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

නවාතැනින් පැන්නු ආසාදිතයින් සිව් දෙනා ත්‍රීරෝද රථයක

colombotoday

කෙහෙළිය අධිකරණය වෙත

Admin

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

මට්ටක්කුලියේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

ආන්නද/නාලන්ද බොදු සළකුණ මකා දැමීමේ තැතක් ! සංහිදියාව හදන්න මුස්ලිම් ගුරුවරු පත්කර එවලා..

colombotoday

සුරක්ෂා අත්හිටවූයේ තාවකාලිකවයි… ඉදිරියේදී යළි ක්‍රියාත්ම කෙරේ !

colombotoday