Colombo Today Local News

ආන්නද/නාලන්ද බොදු සළකුණ මකා දැමීමේ තැතක් ! සංහිදියාව හදන්න මුස්ලිම් ගුරුවරු පත්කර එවලා..

ජාතික සංහිඳියාවෙන් යුතු සිසු පරපුරක් බිහි කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මුස්ලිම් ජාතික ගුරුවරුන් කිහිප දෙනෙකුට ලංකාවේ පැරණිම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන කොළඹ ආනන්ද විද්‍යාලයට සහ නාලන්දා විද්‍යාලයට පත්වීම් ලබා දී ඇතැයි වාර්තා වනවා.

මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට විකල්පයක් වශයෙන් ඇරඹි කොළඹ ආනන්ද සහ නාලන්ද යන විද්‍යාලයන් දීර්ඝ කාලයක සිට මෙරට සිංහල බෞද්ධ අනන්‍යතාවය සුරකිමින් උගත් බුද්ධිමත් තරුණ පරපුරක් රටට දායක කිරීමට කටයුතු කරන ලදි.

වාර්තා වන අන්දමට ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල ගුරුවරුන් රැසකට හදිසියේම ස්ථාන මාරු ලබාදී ඇති අතර පුරප්පාඩු වන තනතුරු සඳහා කොළඹ සහිරා විද්‍යාලය ඇතුලු මුස්ලිම් පාසල් වලින් ගුරුවරුන් පත් කර තිබේ.

කෙසේ වෙතත් මෙම පත් කිරීම් වලට එරෙහිව මෙම විද්‍යාල වල විදුහල්පතිවරු, ගුරුවරු ආදි ශිෂ්‍යයින් සහ සිසුන් දැඩි විරුද්ධත්වය පළ කර ඇති අතර නුදුරේදීම මෙය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි යැයිද වාර්තා වී තිබේ.

මේ පිළිබදව සමාජජාලා ඔස්සේ ද දැඩි විරෝධයක් එල්ල වී තිබේ..

 

 

Related posts

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්, බලය යොදා ඉවත් කරනවා

colombotoday

ස්වාධීන රුපවාහිනියේ “බ්ලු” පෙන්වන ලනුව අගමැතිට දුන්නේ ඔහුගේම ලේකම්වරයෙක්

colombotoday

රනිල්ගේ රැලි 30ක් කැන්සල්

Admin

මාළු ටැංකියකට වැටී දරුවෙකු මරුට

colombotoday

රුසියා තේ වෙළදපොලේ ලංකාවට අහිමිවුණු කොටසට කෙන්යාව මානබලයි !

colombotoday

කෝටි 13 ක මත්පෙති අත්අඩංගුවට

colombotoday