Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කමිටුවේ වාර්තාව හංගලා…

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ වගකිව යුත්තන් කවුරුන්ද යන්න හෙළිදරව් වන හෙයින් ඵ් සඳහා ජනාධිපතිවරයා පත්කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව මේවනවිට යටගසා තිබෙන බව පොලොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ චෝදනා කරයි.

පොළොන්නරුවේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ චෝදනාව එල්ල කළේය.

බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

‘පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන හොයන්න ජනාධිපතිවරයා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කලා. දැන් මේ වෙලාවෙ අපි අහනවා ඒ පත්කල ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව කෝ ? ඒ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව යටගිහිල්ලා.‘

Related posts

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි… බාධා කරන්නේ ජාතිවාදීන් – අනුර දිසානායක

colombotoday

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

Admin

‘සැප්. 1 වැනිදා තෙක් හරීන් අත්අඩංගුවට ගන්නේ නැහැ’ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin

රට පුරා ඉන්ධන හිගයක්…

colombotoday

යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ.

colombotoday