Colombo Today Local News

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

ඒ 2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ නඩුවට ඔහු අද අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙනි.

මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් වන පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය නම් කර ඇති අතර ඔවුන් අද මහාධිකරණයේ පෙනී සිටියා.

ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් මස 12 දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළා.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

රිය අනතුර සිදුකළ වරදකරු වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් එවකට වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලට, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ රියදුරුට සහ හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

Related posts

පාසල් දරුවන් මත් කරන්න ගෙනා මත්දුම් කුඩු කුප්පි 70000ක් රේගුවෙන් පන්නයි !

colombotoday

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

අගමැති රනිල් ජාත්‍යන්තර යෝගා දිනය සමරයි

colombotoday

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

colombotoday

බැදුම්කරය ගැන කතාකරන සර්වපාක්ෂික නායක හමුවට ජවිපෙ, ඒ්කාබද්ධය, TNA නොයයි

colombotoday

මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂය අපියි

Admin