Colombo Today Local News

ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට අවස්ථාව සලසා දෙන්න : අභියාචනාධිකරණයෙන් නියෝගයක්

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදී .

2015 ජනාධිපතිවරණය සමයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ප්‍රේමලාල් ජයසේකර හට රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කරන ලදී.

කෙසේවෙතත් මෙම දඩුවමට එරෙහිව අභියාචන පෙත්සමක් ගොනු කර ඇති බැවින් ඔහු සාමාන්‍ය රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුද්ගලයකු බවට පත් වන බව පෙත්සම්කරු පවසා සිටින අතර ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් මහතා සහ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

Related posts

සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

Admin

රන්ජන් කරාපිටිය රෝහලට රැගෙන යයි

colombotoday

දුරකථන සංවාද හඬපට අන්දෝලනය තුළින් පිළිඹිබු වන්නේ රටේ සදාචාර පරිහානියයි. – කථානායක කරු ජයසුරිය

colombotoday

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

Admin

නගර සභාවක ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් සහ හැඳුනුම්පත් තොගයක් හමුවෙයි

Admin