Colombo Today Local News

පලෙයි පිපිරීමෙන් තුවාල ලබා සිටි සැකකරු මියයි

පලෙයි පොලිස් වසමේ සිදු වු පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු අද (08)දින අළුයම මියගොස් ඇත.

පසුගිය ජූලි මස 3 වන දින පලෙයි පොලිස් වසමේ උර්නියන්පත්තු, අයියකච්චිය ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වු පිපිරීමෙන් බරපතළ තුවාල ලබා මෙම සැකකරු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක් වු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පිපිරීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ද ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන පවත්වන බව ද පොලීසිය පවසයි.

Related posts

මාර්තු 31න් පසු අපේ රටෙන් ගෘහ සේවයට කාන්තාවො යන්නේ නැහැ..

Admin

ෆෙඩරල් ගැන දෙමළ ජනමතය දැනගන්න සම්බන්ධන් උ/නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි

colombotoday

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි

Admin

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

colombotoday

බස් ගාස්තුද ඉහලට

Admin

ආණ්ඩුවෙන් 42ක් ස්වාධීන වෙති

colombotoday