Colombo Today Local News

පරාක්‍රමබාහු රජතුමා රටවල් අල්ලන්න නැව් නැග්ගේ පොළොන්නරුවෙන්….

අතීතයේදී ත්‍රිකුණාමලය වරායේ සිට පොලොන්නරුවට නැව් පැමිණි යුගයක් තිබුණ බවත් ශ්‍රී ලංකාවේ  පැරණි තාක්ෂණය පසුකර යෑමට ලෝකයට තවමත් නොහැකි වී ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (18දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ පැවැති තරුණ නිපුණතා වැඩසටහට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“අපිට තවමත් මේ අධි තාක්ෂණික ලෝකයේ මීට අවුරුදු 1000කට 1500කට එහා මේ රටේ තිබුණ පුරාණ තාක්ෂණයට එහා යන්න අපිට පුළුවන් වෙලා නෑ.

පොලොන්නරුව නගරය ආසන්නයට ත්‍රිකුණාමලය වරායෙන් නැව් ආපු යුගයක් තිබුණා.

මහා පරාක්‍රමබාහු රජතුමා රටවල් ඇල්ලුවේ පොලොන්නරුවෙන් යුද නැව්වලට නැගලා ත්‍රිකුණාමලයෙන් පිටවෙලා ගිහිල්ලා.

පැරණි වාරි තාක්ෂණය, පැරණි කෘෂි තාක්ෂණය, පුරා විද්‍යා තාක්ෂණය ගැන කථා කළොත් අපි ජාතිකයක් ලෙස සතුටුවෙන්න ඕන තාමත් අපිව පහු කරලා නෑ ලෝකය.”

Related posts

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

Admin

ජනපති පාර්ලිමේන්තු සැසිය අවසන් කල හේතුව අනුර කියයි

colombotoday

මැතිවරණ කල් දමන්න පාර්ලිමේන්තු යෝජනාවකින් බැහැ.

Admin

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා තීරණය කරයි !

colombotoday

මහින්දව පරාජය කළ අපට ගෝඨාභය ගේමක් නෙවෙයි – පී. හැරිසන්

colombotoday