Colombo Today Local News

නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි.මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසා සිටියේ රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි බවයි.

වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටළු නිරාකරණය සඳහා සාකච්ඡාව කැඳවා තිබිණි.

රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

“රටට ආවේණික නොවන සහ පරිසර සංරක්ෂණයට අදාළ නොවන වන වගා ඉවත් කොට රටට ගැලපෙන වගා හඳුන්වාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගත යුතුය. ඒ සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී දීර්ඝ කාලයක් ගත යුතු නැත. ඒ ඒ ආයතන අතර අවබෝධයෙන් හා රාජ්‍ය ප්‍රතිපත්ති හඳුනාගෙන කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු විසඳා ගත හැකිය. රජය නිවැරදි ප්‍රතිපත්තිමය තීරණයක් ගත් විට සියලුම රාජ්‍ය ආයතන එම ප්‍රතිපත්ති අනුව වැඩ කළ යුතුය. හරි දේ කිරීමට කිසිවිටෙක බාධාවක් තිබිය නොහැක. නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි. රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප්‍රශ්න විසඳීම මිස පැහැර හැරීම නොවන බව” ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වසර ගණනාවක් තිස්සේ එතනෝල් ආනයනය නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වූ බැවින් එය නතර කිරීමට පියවර ගත් බව පෙන්වා දුන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත් වී එම තීරණය වෙනස් නොකරන බව ද කීය.

Related posts

සිංහල පක්‍ෂදේශපාලකයින් කිරි පෙවූ ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදය

colombotoday

“පුරාවිද්‍යා භූමි විහාරස්ථාන විසින් අල්ලගෙන.. එහෙම කරන්න දෙන්න බෑ” – ඇමති අකිල

colombotoday

බැඳුම්කර වංචාව : රවී කරුණානායක ඇතුළු චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා නිසා කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ

colombotoday

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් මේ සතියේ දිවයිනට | ලිට්‍රෝ සමාගමට දෛනිකව කෝටි 25ක පාඩුවක්

colombotoday

අයවැයෙන් ගුණාත්මක බවින් ඉහළ PCR යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කරන්න – විපක්ෂ නායක

colombotoday