World

නවදිල්ලි කොවිඩ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිවියක්ව දූෂණය කරලා

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පිහිටි කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී 14 හැවිරිදි දැරිවියක්ව ප්‍රතිකාර ලබමින් සිටින තවත් තරුණයෙක් විසින් දූෂණය කර තිබෙන බව වාර්තා වේ.

මෑතකදී එවැනි සිදුවීමක් වාර්තා වූ දෙවැනි අවස්ථාව එය වේ.

19 හැවිරිදි සැකකරු සහ එම සිදුවීම වීඩියෝ කළ තවත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ ආසාදිතයින් තිදෙනා ම රඳවා සිටින්නේ ඉන්දියාවේ විශාලම කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන යේය. එහි එකවර 10,000කට ප්‍රතිකාර කළ හැක.

තමාට සිදුවූ අපරාධය සම්බන්ධයෙන් දැරිය විසින් තම පවුලේ සාමාජිකයෙක් දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ බව පොලීසියට දන්වා තිබේ.

ඒ අනුව පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

Related posts

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

colombotoday

ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා වැලදෙයි

colombotoday

මැලේසියාවේ 17 වන රජු දිවුරුම්දෙයි.

Admin

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

Admin