Colombo Today Local News

නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ

නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් එය ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවකදී ඊට අදාළ පෙරහුරුවක් පවත්වා ඇත.

කාරක සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ සිවිල් ජනතාවට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කාරක සභා රැස්වීම්වලට සහභාගිවීමට එමගින් අවස්ථාව හිමිවේ.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනයන්හිදී පවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කාරක සභා රැස්වීම්වලට සම්බන්ධවීමට හැකිවන පරිදි තාක්ෂණික කටයුතු සකස් කිරීමට සැලසුම් කරමින් සිටින බවත් අදාල නිවේදනයේ සඳහන් වේ.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

2025 දී ලංකාවේ බලය අල්ලන ඩයස්පොරා මෙහෙයුමක්.. හින්දු සම්මේලනය හෙළිකරයි (Video)

colombotoday

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

කන්කසන්තුරේ ගැමුණු විහාරය හින්දු සංස්කෘතියට බාධාවක්ලු.. වහා ඉවත් කරන්නැයි බලපෑම්…

colombotoday

Video: SB, සුසිල්,දයාසිරි හවුල් ආණ්ඩුවේ ඉන්න බැරිනම් යන්න. අපිට නාඩගං නටන්න ඕනි නෑ – රවී කරුණානායක

colombotoday

කෙන්යාවේ ඇමතිවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කරයි

Admin