Colombo Today Local NewsUncategorized

නඩු පිට නඩු වැටුණු කොණ්ඩයාව පොෂ් කළ උදුල් ප්‍රේමරත්නට පොලිසියෙන් නඩුවක්!

kondaya posh
කොණ්ඩයාගේ ප්‍රතිරූපය වෙනස් කර මාධ්‍ය හමුවකට ඉදිරිපත් කළ බවට චෝදනා

කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්නගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් මේවන විට සාකච්ඡා කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

‍කොටදෙණියාව සේයා ස‍ඳෙව්මි ඝාතනයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි දුනේශ් ප්‍රියශාන්ත නමැති අය‍ට එරෙහිව ළමා අපචාර චෝදනා නොමැති බව ප්‍රේමරත්න මහතා විසින් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිහිපත් කළේය.

එසේ වුවද 2010-06-23 වන දින බෙරලිය-බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී වයස අවුරුදු 15 ක දැරියක් පැහැරගෙනයාමට උත්සාහ දැරීමේ සිද්ධියක් වාර්තාවන බවත්, ඒ සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ‍ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගෙන ඇති බවත් ගුණසේකර මහතා සිහිපත් කළේය.

ඒ අනුව අයුතු ඇතුළුවීම හා පැහැරගෙන යාමට තැත්කිරීම යන චෝදනාවන්ට වරදකරු ලෙස මාස 20 ක සිරදඬුවමක් හා රු.1500 බැගින් වන දඩ මුදල් දෙකක් මත අත්හිටුවූ සිරදඬුවමක් නියම කර ඇති බවත්, එය 2018 දක්වා අත්හිටුවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙතෙක් තමා විසින් දුනේශ් ප්‍රියශාන්ත නැමැත්තා සැකකරුවෙකු ලෙස නම් කළා වුවද අද ඔහු අපරාධකරුවෙකු බව ප්‍රසිද්ධියේ කියා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

රත්නපුර බට්ටි - උදුල් ප්‍රේමරත්න
උදුල් ප්‍රේමරත්න කලකට පෙර පොලිස් නිලධාරියෙකුගේ පහරකෑමට ලක් වූ රත්නපුරේ බට්ටී නමින් හැදින් වූ ලිංගික ශ්‍රමික කත වෙනුවෙන්ද පෙනී සිටිමින්

මොළයක් ඇති කිසිවෙක් කොණ්ඩයා මාධ්‍ය හමුවකට කැඳවීම අනුමත නොකරන බවත්, කෙනෙකුට නඩු මගට යාමට පෙළඹවීමට නීතිඥයෙකුට හැකියාවක් නොමැති බවත්, එය රීති උල්ලංඝණය කිරීමක් බවත් ‍රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.  ඒ අනුව උදුල් ප්‍රේමරත්න මහතාගේ නීතිඥ භූමිකාවේ ක්‍රියා කලාපය අනුමත කළ නොහැකි බැවින් ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග මොනවාදැයි සාකච්ඡා කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

colombotoday

රෝසිගේ අරුම පුදුම වැසිකිළි ටෙන්ඩරය…!

colombotoday

රතන හිමි, දේශබන්දු, ටිරාන් මන්ත්‍රී ධූරය හොරකම් කළා. බලහත්කාරයෙන් අත්සන් ගත්තා. මුහුදට දාලා මරන්න හැදුවා. – විශේෂ හෙළිදරව්වක්

colombotoday

මම විපක්ෂයට යන කතාව බොරුවක් – රොෂාන් රණසිංහ කියයි

Admin

ඇහැලියගොඩට සංචරණ සීමා

colombotoday