Colombo Today Local News

දේශපාලනඥයන්ගේ සහාය ඇතිව පාතාලයන් කොළඹ තෙත් බිම් වර්ග කිලෝමීටර් 400ක් ගොඩ කරලා

දේශපාලනඥයන්ගේද සහාය ඇතිව පාතාල කල්ලි සාමාජිකයන් සහ ව්‍යාපාරිකයන් ඉඩම් ගොඩ කිරීම නිසා කොළඹ නගරයේ තෙත් බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 600 දක්වා අඩු වී ඇති බව නාගරික සංවර්ධනද සහාය ඇතිව පාතාල කල්ලි සාමාජිකයන් සහ ව්‍යාපාරිකයන් ඉඩම් ගොඩ කිරීම නිසා කොළඹ නගරයේ තෙත් බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 600 දක්වා අඩු වී ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය කළ සොයා බැලීමේදි අනාවරණය වී ඇත.

අසූව දශකයේදී කොළඹ නගරයේ තිබූ තෙත් බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1000කි. නමුත් පසුගිය දශක දෙකේදී තෙත් බිම් වර්ග කිලෝමීටර් 400ක් විවිධ පුද්ගලයන් විසින් අත්පත් කර ගෙන තිබේ.

ජාත්‍යන්තර රම්සා ප්‍රඥප්තියට අනුව කොළඹ නගරය තෙත් බිම් අග නගරය ලෙස 2017 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර ඇත. කොළඹ නගරයේ තෙත් බිම් දාහතක් ඇති අතර මෙම තෙත් බිම්ද විවිධ පුද්ගලයන් විසින් අල්ලා ගෙන ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි. විශේෂයෙන්ම තෙත් බිම් සහිත ඇළ මාර්ගවලට කුණු සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දැමීම නිසා විනාශයට පත්ව ඇත. ‘‘අපේ තෙත් බිම් අපිම පිරිසිදු කරමු’’ යන තේමාව යටතේ කොළඹ නගරයේ තෙත් බිම් පවිත්‍ර කිරීම අද (02 වැනිදා) දවස පුරා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Related posts

මුස්ලිම් ජාතිකයෙක් වතුර ටැංකියක් මත භූමිදානය ඉල්ලා ජෝගි නටයි.

colombotoday

UN සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මංගල රණවිරුවන් පාවා දෙනවා – එස්.බී.

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

අත්අඩංගුවට පත් නීතිඥ්ඥ හිජාස් හිස්බුල්ලා ඥානසාර හිමිට විරුද්ධව තොග පිටින් නඩු දැමූවෙක්.

colombotoday

යහපාලනය රටේ වාසනාවක්.. හිතාගන්නවත් බැරි අය ළගදීම අල්ලනවා.. දැන් දේශපාලන බලපෑම් නෑ

colombotoday

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday