Colombo Today Local News

දේශපාලන කුණාටුව අස්සේ ඇමරිකානු නාවික හමුදාව ලංකාවට…. නාවික කදවුරක් ඇරඹීමට සූදානම්

 ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථා අර්බුදය මැද ඇමරිකාව ශ්‍රී ලංකාවේ තාවකාලික නාවික සැපයුම් කඳවුරක්‌ ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මේ සඳහා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ වන ජෝන් සී ස්‌ටෙනිස්‌ නමැති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන යෝධ නැව භාවිත කරන බව යූ. එස්‌. නේවි නිව්ස්‌ වෙබ් අඩවිය ඊයේ (10 දා) හෙළි කළේය.

   ඇමරිකාවේ මෙම ක්‍රියාදාමය ගැන දිවයින ඊයේ නාවික හමුදාවෙන් විමසූ විට පැවසුවේ මේ දක්‌වාම ඇමරිකානු ගුවන් යානා ගෙන යන නැවක්‌ කොළඹ පිටත වරායට හෝ ත්‍රිකුණාමල වරායට පැමිණ නැති බවයි.

   ඉන්දීය සාගරයේ යාත්‍රාකරන ඇමරිකානු නාවික යාත්‍රාවලට සැපයුම් ලබාදීම සඳහා මේ තාවකාලික නාවික කඳවුර ස්‌ථාපිත කරන බව ස්‌ටෙනිස්‌ නෞකාවේ නිලධාරී ලුතිනන් බ්‍රසිරන් ඕර්මින් පැවසීය.

   මෙයට පෙර ත්‍රිකුණාමලය වරායට පැමිණි ඇමරිකානු ඇස්‌කෝරේඡ් නැව ගුවන් මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ ලෙස ක්‍රියාත්මක වී ඇත.

   මෙතෙක්‌ ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක වන ඇමරිකානු නාවික යාත්‍රාවලට සැපයුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ තාවකාලික නාවික කඳවුරක්‌ පිහිටුවීමට ඇමරිකාව ක්‍රියා කර නොතිබුණි.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

සියලු රජයේ පාසල් ලබන සඳුදා සිට බදාදා දක්වා නිවාඩු…

colombotoday

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

colombotoday

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday

‍”හොර වැඩක් අතේ මාට්ටු.. හෙළිකරොත් නඩු දානවලු.. ඕං අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිගෙ වැඩ” – අනුර දිසානායක

colombotoday

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin

දෙහිවල සත්තු වත්තේ සතුන් අනතුරේ පන්සිය ගණනක් දැනටම මියගිහින්

colombotoday