Colombo Today Local News

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

පසුගිය දින කිහිපය පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පවුල් 23,054 කට අයත් පුද්ගලයින් 73,851 දෙනෙකු විපතට පත්ව යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී එක් අයෙකු මිය ගොස් ඇති බවට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.

මේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ වැඩිම ආපදාවක් වාර්තා වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි විපතට පත් වැසියන් බේරාගැනීම සඳහා දායක වූ යුද හමුදාවට හා නාවික හමුදාවට උතුරේ වැසියන්ගේ මහත් ප්‍රසාදයක් ඇතිව තිබේ.

මෙහිදී වැඩිම ආපදාවක් වාර්ථා වූ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ විපතට පත් 39,932 ක් වූ වැසියන් බේරා ගැනීම සඳහා යුද හමුදාව ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කිරීම සාමාන්‍ය වැසියන් අතර විශේෂ වී ඇති අතර එහිදී කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතා සහ 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ නායකත්වයන් යුද හමුදා සෙබළුන් දිවා රාත්‍රි සේවයේ නිරත වෙමින් විපතට පත් වැසියන් බේරා ගැනීමේ සිට ඉඳුම් හිටුම් , ආහාරපාන, වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු දේ සිදු කරනු ලැබීය.

එමෙන්ම උතුරේ ගංවතුර තත්වය පහව යන තුරු විපතට පත් වැසියන් වෙනුවෙන් සහන සැලසීමට මුලතිව් හා කිළිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි පමණක් යුද හමුදාව සහ නාවික හමුදාව දහසකට අධික ප්‍රමාණයක් යෙදවීමටද ආරක්ෂක සේනා මූලස්ථාන විසින් පියවර ගෙන ඇත.

Related posts

මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

colombotoday

අපේක්ෂා රෝහලේ හෙදියට වෛද්‍යවරකුගෙන් පහර දීමක්. හෙදියෝ විරෝධතාවක

colombotoday

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

colombotoday

මුලතිව් හමුදා මූලස්ථානය ඉවතට.. කැබිනට් පත්‍රිකාව එන සතියේ එයි…

colombotoday

CIDය තුළදී තමා මරා දැමීමේ සැලසුමක් ඇතැයි ජනපති ඝාතන කුමන්ත්‍රණයට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කියයි…

colombotoday

පෞරාණික වටිනා පිළිමයක් විකිණීමට ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday