Colombo Today Local News

දිනන්නේ කවුද? බුද්ධි අංශ වාර්තාව ජනපති අතට

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුද යන කරුණ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය විසින් සකස් කරන ලද නවතම රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදුන් බව රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සති අන්ත පුවත්පතකට පවසා ඇත.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද බුද්ධි අංශ සමීක්ෂණවලට සහභාගි වූ ඇතැම් පිරිස් ස්වකීය දේශපාලන මතය පැහැදිලිව ඉදිරිපත් කිරීමට අදිමදි කළ බව එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය බුද්ධි අංශවලින් සැකසූ බව කියමින් සමාජ ජාලවල පළවන විවිධ සංඛ්‍යා සටහන් සහ වාර්තා සහමුලින් වැරදි බවද පැවසූ හෙතෙම නිවැරදි බුද්ධි අංශ වාර්තාව ඇත්තේ ජනාධිපතිවරයා සතුව පමණක් බවත් සඳහන් කර ඇත.

Deshaya

Related posts

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

Admin

“බෞද්ධ භික්ෂූන්ට මඩකලපුව තහනම් කළේ සාමය ආරක්ෂා කිරීමටයි“ – අධිකරණ ඇමති

colombotoday

18 දා අලුත් ආණ්ඩුවක්… එජාපයේ 24ක් පිම්මකට සැරසෙයි… බහුතරය පෙන්වන්න මහින්ද සූදානම් !

colombotoday

ගෑස් මිල අඩු වීම හා තේ කෝප්පයේ මාධ්‍ය සංදර්ශනය

colombotoday

“සමස්ත ජාතියම මහා තිගැස්මකට ලක්වෙලා” – හිටපු ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday

ඇමතිලාට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday