Colombo Today Local News

දැන් සතුටුද කියා මගෙන් අහනවා… නෑ මම සතුටු නෑ – ප්‍රතිසංවිධානය ගැන සජිත් කියයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයෙන් තමන්ට නියෝජ්‍ය නායකකම ලැබීම පිළිබදව තමන්ට මේ දිනවල ඇමතුම් ලබා දෙමින් “සතුටුදැයි“ අසන නමුත් තමන් තෘප්තිමත් නැති බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් තෘප්තිමත් වන්නේ රටේ ජනතාවට සේවයක් සිදුකිරීමෙන් පමණක් බවද හෙතෙම කියා සිටී.

පෙර පරිදී පොහෙර සහනාධාරය ජනතාවට දෙනවා නම්, පෙර ක්‍රමයටම යළි පාසල් නිල ඇඳුම දරුවන්ට ලබා දෙනවා නම්, මට සතුටු විය හැකියි. එමෙන්ම රටේ සිටින රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට පුළුවන් නම්, රටේ ජීවත් වන ජනතාවගේ නිවාස ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට හැකිනම් මට සතුටු විය හැකියි. මා සෑහීමකට පත් වන්නේ ජනතා සංවර්ධනය දැකීමෙනුයි. රටේ පුරවැසි පරපුර සතුටක් ලබන්නේ කවදාද, මාද සතුටු වන්නේ එදිනටයි.”

යැයිද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ හම්බන්තොට අමරදේවගම ජනඋදාන ගම්මානය ජනතා අයිතියට පත්කිරිමේ උත්සවයට සහභාගී වෙමිනි.

 

Related posts

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday

සජබ මන්ත්‍රීවරු රෝස පටි පලදියි.

colombotoday

පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගහලා… රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි..

colombotoday

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday

මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා… මෛත්‍රී වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කෑ එවුන් !

colombotoday

ලක්ෂ 6යේ පුටුව ගැන විමල්ගෙන් හදුන්නෙත්තිට පිළිතුරු !

colombotoday