Colombo Today Local News

තෙවරප්පෙරුමට හදිසි අනතුරක්… රෝහල්ගත කරයි…

සමාජ සවිබල ගැන් වීමේ සහ සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (11 දා) දහවල් සිය නිවසේදී සිදු වූ හදිසි අනතුරකින් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත.

   යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ වත්ත පිරිසිදු කිරීම සඳහා යොදවා තිබූ ඔහුටම අයත් බැකෝ යන්ත්‍රයේ කුල්ල තුනටිය ප්‍රදේශයේ ගැටීමෙන් මෙලෙස අනතුරට ලක්‌ව තිබිණි.

   අනතුර සිදු වූ අවස්‌ථාවේ තෙවරප්පෙරුම මහතා අසල රැඳී සිටිනු රියෑදුරු දැක නැති අතර බැකෝ යන්ත්‍රයේ කුල්ල වැදීමත් සමඟ ඒ මහතා බිම ඇදවැටී තිබේ.

   ඊයේ සිය නිවස අවට සුද්ධ පවිත්‍ර කිරීම සඳහා උපදෙස්‌ දෙමින් සේවකයන් සමඟ තෙවරප්පෙරුම මහතා ද සේවයේ යෙදී ඇති අතර අනතුරට ලක්‌ වීමත් සමඟ ඔහු නාගොඩ මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Admin

හස්බුල්ලා සහ පුතා කෝප් කමිටුව මගහරී !

colombotoday

අඩුවට නෙට් දෙන තවත් වැඩකට ඇමති හරීන් අත ගසයි.. මේ පාර ඇමරිකානු සිලිකන් වැලියෙන් ගෙන්වයි

colombotoday

කොරෝනා මුස්ලිම් මළසිරුරු භූමි දානය මාලදිවයිනට

colombotoday

නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ තවත් 150ක් අත්අඩංගුවේ

colombotoday