Colombo Today Local News

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

ලෙබනනයේ බේරූට් හි සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවය.

පසුගිය ඉරිදා (04) ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ ගබඩාවක තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පිපිරීමෙන්  පුද්ගලයින් 135 දෙනෙකු මියගොස් තවත් 4000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අදාළ පිපිරීමෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නිවාසවලට ද හානි සිදුව ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

පිපිරීම හේතුවෙන් බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ.

නමුත් කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ. ලෙබනනගේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වේ.

ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘතව පවතී.  

දුරකථන අංකය – +961 5769585

විද්‍යුත් තැපැල් ලිපිනය – slemb.beirut@mfa.gov.lk

Related posts

යුද හමුදාවේ නිලධාරීන් 514කට සහ සෙසු නිලයන් 14140කුත් උසස් කෙරේ

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි

colombotoday

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

Admin

වතු කම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් දිවිනසාගනී

colombotoday