World

තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් 22ක් ජීවිතක්ෂයට

භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි සිදුව තිබේ.

ඒජියන් මුහුදේ ඊයේ (30)දින සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ 20 කට වැඩි පිරිසක් මියගොස් බොහෝ අලාභ හානි සිදුවී තිබුණි.

වෙරළබඩ ප්‍රදේශවල සුළු සුනාමි තත්ත්වයක් ද හටගෙන ඇති අතර ඊට බියවූ ජනතාව වීදි දිගේ දිවගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තුර්කියේ ඉස්මිර් නගරයට දැඩි හානි සිදුවී තිබේ.

නගරාධිපතිවරයා පවසන්නේ ගොඩනැගිලි 20 ක් පමණ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවය.

සුන්බුන්වලට යටවී සිටි 70 දෙනකු පමණ බේරාගෙන තිබුණි.

භූ කම්පනය හේතුවෙන් 700 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.

නිරතුරුවම භූ කම්පනවලට ලක්වන රටක් වන තුර්කියේ ඉස්මිර් නගරයේ 1999 සිදුවූ රිච්ටර් මාපාංක7.6 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයෙන් 17,000ක් පමණ මියගියේය.

Related posts

ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ළමුන් යොදාගැනීමේ වර්ධනයක්

colombotoday

සකර්බර්ග් ගේ Threads එළිදකී

Admin

ඉගි පෑම මුස්ලිම් ආගමට විරුද්ධයි – චිත්‍රපටිය තහනම් කරනු. නඩුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසිකර දමයි

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

චීන ගුරුවරුන් ඉලක්ක කර ගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

colombotoday