කවුරුන් කුමක් කීවත් ආරක්ෂක හමුදාවේ ගෞරවය හා පිළිගැනීම ආරක්ෂා කිරීම සදහා තමන් කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
ආරක්ෂක හමුදාවේ ඇතැම් කරුණු සම්බන්දයෙක් සිදුවන පරීක්ෂණ ගැන රාජ්ය බුද්ධි අංශ හෝ රටේ ජනතාව කලබල නොවිය යුතු බවත්, ඒවා කරන්නේ හමුදාවේ ගෞරවය ආරක්ෂා කරගැනීම සදහා බවත් පැවසූ ජනපතිවරයා යුධ සමයේ මෙරට සමස්ථ රණවරුවන් කරන ලද කැපකිරීම්වලට සමාන කැපකිරීමක් අද තමන් රාජ්ය නායකයා ලෙස කරමින් සිටින බවද පැවසීය.
ඔහු මෙසේ කියා සිටියේ ‘විරුසර’ සබසාධන කාඩ්පත් පිරිනැමීම වෙනුවෙන් ඊයේ අරලිගහ මන්දිරයේ පැවති උත්සව සභාවක් අමතමිනි.