Colombo Today Local News

තව්හිද් ජමාත් දෙවන වටයේ ප්‍රහාරයට සූදානම්… ඉන්දියාව අනතුරු අගවයි…

‘ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලිසියට දැනුම් දී ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය (23) වාර්තා කළේය.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ දේවස්ථාන තුනකට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද්දේ ‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත. 

එම සංවිධානයේ ත්‍රස්තවාදීන් දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන අතර එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට බුද්ධි සහ තාක්ෂණික සහාය ලබාදෙන බව ද ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත. 

ඉන්දීය ආරක්ෂක අංශ තමිල්නාඩුවේ සිටින පූජකයකු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් වාර්තාවේ දැක්විණි. 

‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානයෙන් පන්නරය ලබමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් නමුත් එම සංවිධාන දෙක අතර සෘජු සබඳතා ස්ථාපිතව පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ කෙරෙන බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කර තිබිණි. 

පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලයේදී ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ දේවස්ථානවලට ප්‍රහාර එල්ල වූ අතර එම ප්‍රහාරවල වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන තිබිණි. 

අයි.එස්. සංවිධානය කිතුණු බැතිමතුන්ගේ පූජනීය දිනවලදී ප්‍රහාර එල්ල කර ඇති බැවින් පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප්‍රහාරයත් අයි.එස්. සංවිධානය එල්ල කරන ප්‍රහාරත් අතර සමානකමක් පවතින බව ද විශේෂඥයන් සහ ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කර තිබිණි. 

Related posts

ඝාතනයකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධ සමග අල්ලයි

Admin

උලමා සභාවේ බලහත්කාරයට යටවූ අලි සබ්‍රි බහු විවාහ සඳහා අවසර ඉල්ලයි. – තමන්ගේම කැබිනට් යෝජනාව සංශෝදනයට අවසර පතයි.

colombotoday

සිංහල මුස්ලිම් කෝලාහල ගැන ධර්මපාලතුමා කිව්වේ මොනවාද?

colombotoday

පණිවිඩකරුට වෙ-ඩි නොතබනු මහවිරු සමරපු අයව අල්ලනු

Admin

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා පෙරහැරත් නම් වෙයි…

colombotoday

“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි

colombotoday