Colombo Today Local NewsCovid 19

තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයි

රත්නපුර කලවාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වූ වාර්තා වූ බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් කලවාන ප‍්‍රදේහයේ වෙළඳසැල් වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රීක්කයේ කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත.

මෙම සිවු දෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය හා සම්බන්ද රාජකාරිවල යෙදී සිටි අය වේ.

ඔවුන් සියලු දෙනාගේම සමීපතමයන් නිරෝධායන කදවුර වෙත යොමු කර ඇති බව ද කන්නන්ගර මහතා පවසයි.

එමෙන්ම ඔවුන්ගේ දෙවැනි පෙළ ආශ්‍රිතයන් 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියි.

Related posts

දුම්රිය වර්ජනය අවසන්

Admin

එජාප නියෝජ්‍ය නායක තනතුරට රාජිත.. සාගලගේ යෝජනාවට සජිත්ගේ දැඩි විරෝධය

colombotoday

බෝම්බ හදන ඩෙටනේටර් 7500ක් සමග උතුරේදී දෙන්නෙක් අල්ලයි

colombotoday

ඇමතිකමක් දෙන්න ජනපති තොන්ඩමන්ට අඩගසයි…

colombotoday

පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙමින් බස් වලට තෙල් දෙන්න අලුත් ක්‍රමයක්

colombotoday

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

colombotoday