Colombo Today Local News

සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න- රනිල්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ඉහළ දමන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද ආණ්ඩුව පරීක්ෂණ ඉහළ දැමීමට කටයුතු නොකළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (13)දින පස්වරුවේ මොරටුවේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, “මම බලන්නේ නෑ විපක්ෂයේ බලය ගන්න. මොකද අපි කැමති. විපක්ෂයේ බලය ගන්න ද ආණ්ඩුවේ බලය ගන්න ද ” යනුවෙනි.

තමාට අවශ්‍ය වන්නේ යූඇන්පී බලය සහිත ආණ්ඩුවක් බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, “සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න” යනුවෙන් ද පැවසීය.

මෙම අර්බුදය මෙන්ම කොරෝනා තවමත් අවසන්ව නැතැයි පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, පොහොට්ටුව කොරෝනාවලින් දේශපාලනය කිරීමට උත්සහ කළ බවත් කියා සිටියේය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනා

colombotoday

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි

colombotoday

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

colombotoday

පළාත් සභා 3ක සහ පළාත් පාලන ඡන්දයට සූදානම් වෙන්නැයි ජනපති දන්වයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වූ තැපැල් මුද්දරයක් නිකුත් කරයි

Admin

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday