Colombo Today Local News

ඩොලරය ඉහළ දැමීම ට්‍රම්ප්ගේ වැඩක්… හැම රටකම මුදල් ඒකක කඩා වැටිලා…

ඩොලරයේ ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයා එරට ‍පොලී අනුපාතය ඉහළ දැමීම බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (19) පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් හිතන විදිහ වෙනස්. මීට පෙර ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු මෙවැනි දෙයක් කළේ නැහැ. අද වනවිට ඇමෙරිකානු ඩොලරය විදේශ රටවල තැන්පත් කරනවාට වඩා ඇමෙරිකාව තුළ තබාගැනීම ඵලදායී නිසා එම මුදල් අපේ වගේ රටවල්වලට පැමිණෙන්නේ නැහැ. මෙවැනි දෙයක් සිදුවූ විට ලෝකයේ අනිකුත් මුදල් කඩා වැටෙන බව රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ශ්‍රී ලංකා රුපියල පමණක් නොවෙයි, සිංගප්පූරු ඩොලරයත්, ස්ටර්ලින් පවුමත්, යුරෝ ඇතුළු ඉන්දියානු රුපියලත් අද වන විට බරපතළ ලෙස කඩා වැටී ඇති බව රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මීට විසඳුමක් ලෙස අයි.එම්.එෆ්. ආයතනය චීනයේ යුවාන් මුදල් ඒකකයෙන් ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ලෙස පිළිගැනීමට යෝජනා කර ඇති බවද සේනාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

දුෂිත ඇමතිවරු 4ක් දොට්ට – අමාත්‍යංශ බලය ජනපති යටතට ගැනීමට තීරණය කරයි

colombotoday

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

‘පරිප්පුවා’ කෝන්කඩවලදී STF දැලේ

colombotoday

බාර් වලට වෙන්න යන දේ

Admin

ඉදිරි පැය 36 තුලදී බෙංගාල බොක්ක මුහුදේ පීඩන අවපාතයක්

colombotoday

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday