Colombo Today Local News

ඩී.අයි.ජී නාලකගේ කාමරයට සීල් තබයි…

කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති, නාලක සිල්වා මහතාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා සීල් තබා ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල කාමරයට සීල් තැබීමට පෙර එහි තිබූ ලැප්ටොප් පරිගණක දෙකක්ද ඉදිරි විමර්ශන කටයුතු සඳහා රහස් පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (30) පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කුමන්ත්‍රණය කළ බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා රහස් පොලිසියට කළ පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවනු ලැබීය.

මෙම කුමන්ත්‍රණයට අදාල සංවාද පටිගත කෙරුණු ජංගම දුරකථනයක් ද, නාමල් කුමාර මහතා විසින් පරීක්ෂණ සඳහා රහස් පොලිසියට බාරදෙනු ලැබු අතර ඉන් පසුව අධිකරණ නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා විසින් නාමල් කුමාර මහතාගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කටහඬ පරීක්ෂා කරනු ලැබීය.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ සතියේ රහස් පොලිසියට කැඳවා මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

නාමල් කුමාර මහතා රහස් පොලිසියට ඉදිරිපත් කළ ජංගම දුරකථනයේ ඇති දත්ත විශ්ලේෂණ වාර්තාවක්ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකරණයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

Lankadeepa

Related posts

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

colombotoday

විජයදාස ජනපති කොමිසමට…

colombotoday

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

වැඩි නැති ප්‍රදේශවල පශු වෛද්‍යවරුන් වැඩ ඇති ප්‍රදේශ වලට යවයි

Admin

කිරිබත්ගොඩ පාළු නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

colombotoday