Colombo Today Local NewsfeaturedTop Stories

ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, එහි මහනායක, ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියකින්.

එහි දැක්වෙන්නේ සිදු කරන ලද වරදක් මතු නිවැරදි කර ගැනීමේ අවබෝධය හෙවත් ආයති සංවරයේ පිහිටුවීමට ඥාණසාර හිමියන් දැනටමත් එකග වී ඇති බවයි. එබැවින් එළඹෙන නත්තල් සමයේ සිරුකරුවන් නිදහස් කිරීම පිණිස ජනාධිපතිවරයාට ඇති බලතල යටතේ උන්වහන්සේට ද නිදහස ලබාදෙන ලෙසටයි මහනායක, ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කෝට්ටේ ශ‍්‍රී කළ්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂූන් වහන්සේ නමක්. එබැවින් උන්වහන්සේ පිළිබඳ යම් ඉල්ලීමක් කිරීම සංඝ සභාව ලෙස වගකීමක් කොට සලකන බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ. රටේ නීතියට අනුව ඥාණසාර හිමියන් සිදු කළ වරදට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ නීතිගරුක වන බවද මහනායක හිමියන් පවසනවා.

එහෙත් ඥාණසාර හිමියන් එම වරද සිදු කර ඇත්තේ පෞද්ගලික අරමුණක් මුදුන්පත් කර ගැනීමට නොව හමුදා බුද්ධි අංශ සාමාජිකයින් වෙනුවෙන් ජනිත වූ හදිසි මානසික තත්ත්වය තුළ උන්වහන්සේ සිටි ස්ථානය පිළිබඳ අනවබෝධයෙන් බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related posts

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday

ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳ විගණනයක් අරඹයි

colombotoday

නිවසට ආ කොල්ලමරුවෝ ගෙහිමියා ව ඝාතනය කරලා

colombotoday

ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයනවා.. ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා

colombotoday

ඉල්ලීම් දෙනකන් දුම්රිය වැඩවර්ජනය දිගටම

Admin

“රුසියාව ලංකාවේ අර්බුධයට වගකිවයුතුයි!” යුක්‍රේන ජනපති කියයි!

colombotoday