Colombo Today Local News

ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

කොල්ලුපිටිය පිත්තල හන්දිය අසලදී ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදැයි චෝදනා ලැබ වසර 14 ක් රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයෙක් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (19)  නියෝග කළේය.

මෙසේ නිදහස් කරනු ලැබුවේ චන්ද්‍ර බෝස් සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම විත්තිකරු ඇතුළු පස් දෙනෙක් චෝදනා ලැබ සිටිති.

2006 වසරේ ජුලි පළමු වැනි දින සහ දෙසැම්බර් අතර කාලයේදී  එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදයි විත්තිකරුවන් පහක් චෝදනා ලැබ ඇත.

නිදහස ලැබූ  විත්තිකරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ කේ.වී තවරාසා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විත්තිකරුට  එරෙහිව  අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළ පාපොච්චාරණය හැර කිසිඳු සාක්ෂියක් නොමැති බැවින් ඔහුව නිදොස් කර නිදහස් කරන ලෙසය.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර  චන්ද්‍ර බෝස්  සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තා නිදහස් කිරීමට නියම කළේය.

Related posts

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් නැවත ආ ජංගම දුරකථන

colombotoday

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

Admin

මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් පාර්ලිමේන්තුවේ ඊළගට කරන දේ ප්‍රසන්න රණවීර කියයි..

colombotoday

කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක්

colombotoday

ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

colombotoday