Colombo Today Local News

ජනාධිපති අද අපෙන් පළිගන්නවා – මුළු රටම අපිත් එක්ක ඉන්නේ

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට ජනාධිපතිවරයා සහ අලූතෙන් පත්කර ගත් ආණ්ඩුවට නොහැකිවීම හේතුවෙන් ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

අරලියගහ මන්දිරයේදී ඊයේ (09) මධ්‍යම රාත‍්‍රියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා පත් කරපු නීතිවිරෝධී අගමැතිවරයා තිවුව පළමු අඩව්ව පරාදයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුව කැඳවලා 113 කගේ බහුතරය පෙන්වන්න. ඊයේ වෙනකම් කියා සිටියා බහුතරය තමන්ට තියනවා කියලා.

ඒත් අද උදේ ඒ පැත්තෙන්ම කියලා තියනවා 104 කගේ මන්ත්‍රි සංඛ්‍යාවක් ඉන්නේ තව 8 ක් හෝ 9 දෙනෙකුගේ අඩුවක් තියනවා කියලා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව මෙහිදී ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න.

මේ ජනාධිපතිවරයා එදා අපිත් එක්ක එදා එලියට බැස්සේ මේ ජනාධිපතිධුරයේ තිබෙන බලය පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒ කිව්ව ජනාධිපතිවරයාම අද ව්‍යවස්ථාවේ නැති දේවලුත් කරමින් ඉන්නවා. අපි පුදුම වෙනවා එතුමාව පත් කරපු අයගෙන් පළිගන්නවා. එතුමට එරෙහිව හිටපු අය එක්ක එකතු වෙලා ඉන්නවා. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට පුළුල් සන්ධානයකින් මේ මැතිවරණයට තරග කරනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ මේ තීරණය පරාද කරන්නත් අපි ලෑස්ති වෙලා ඉන්නේ. මුළු රටම අද අපි සමග සිටිනවා යැයි හිටපු මන්ත්‍රි රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටියා.

Related posts

කැබිනට් මණ්ඩලය ගත් විශේෂ තීරණ කිහිපයක්

Admin

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

colombotoday

එන්නත එපා කී රතන හිමි යුධ හමුදා රෝහලට ගොස් එන්නත ලබාගෙන

colombotoday

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

colombotoday

දුම්වැටි වර්ග වල නවතම මිල ගණන් මෙන්න

Admin