Colombo Today Local News

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීමක් එජාපයෙන් ඉල්ලන්න යයි. තවත් අර්බුදයක පෙරනිමිති

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරයේදී ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීමක් ඉල්ලීමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අතරින් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම අද (02දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් සිදුකරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව මීට පෙර ජනතා විමුක්ති පෙරමුණද සඳහන් කළේය.

මේ අතර හෙට (03දා) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම අද (02දා) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතව ඇත.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03දා) පක්‍ෂනායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය.

මේ අතර ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර, සභානායක ලෙස දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන් ආණ්ඩු පක්‍ෂයෙන් යෝජනා වී ඇති අතර, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇති බවට වාර්තා වේ. එසේම මෙම නම් හෙට (03දා) දින ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

Related posts

අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු අල්ලයි

colombotoday

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

Admin

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

Admin

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කරයි

Admin

රූමස්සල සාමණේර හිමිනමකුත් අභිරහස් ලෙස අපවත්වෙයි

colombotoday