Colombo Today Local News

ජනපති – සන්ධාන මන්ත්‍රී හමුවේ තීන්දු මෙන්න

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

එහිදී හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට මෙන්ම පක්ෂ නායක රැස්වීමට එක්නොවීමට තිරණය කළ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසුවේ මෙහිදී බැඳුම්කර සිදුවීම පිළිබඳවත් සාකච්ඡ කළ බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව විමර්ශන කළ නිලධාරීන්ට බලපෑම් කළ ආකාරය ජනපති විසින් පැහැදිලි කළ බවත් සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මැතිවරණයට ඉදරිපත් වන ආකාරය පිළිබඳව සාකච්ඡාවක් නොකළ බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සාකච්ඡා කර පුළුල් සංවිධානයක් ගොඩ නගමින් සිටින බවයි.

Related posts

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණ ගනී

colombotoday

ඇමති පියල් නිශාන්තගේ නිවසට පොලිස් රැකවල්

colombotoday

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

colombotoday

වව්නියාව නගරයේ පාසල් 6 ක් හෙට විවෘත නොවෙයි.

colombotoday

ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ නමටත් ශ්‍රීපාද රක්ෂිතයේ ඉඩම් !

colombotoday

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday