World

ජනතා විරෝධතා හමුවේ ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

ලෙබනනයේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, රට තුළ කි‍්‍රයාත්මක මහජන විරෝධතා මාලාව හමුවේයි. තමන් ප‍්‍රමුඛ රජය ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ලෙබනනයේ අග‍්‍රාමාත්‍ය හසන් ඩයබ් විසින්.

රාජ්‍ය රූපවාහානිය හරහා ජනතාව අමතමින් අග‍්‍රාමාත්‍යවරයා රජයේ ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කළා. කෙසේවෙතත් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගන්නා තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙසයි ලෙබනනයේ ජනාධිපති මයිකල් ඕන්, අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කර තිබුණේ. එහෙත් රටතුළ පවතින මහජන විරෝධතා රැල්ල උත්සන්න වීම හේතුවෙන් අග‍්‍රාමතවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවුණා.

ලෙබනන් වැසියන් මෙරට එලෙස පාලන තන්ත‍්‍රයට එරෙහිව විරෝධතා පවත්වමින් සිටින්නේ එරට බේරූට් අගනුවර වරාය තුළ ඉකුත් දා සිදුවූ ප‍්‍රබල පිපිරීම හමුවේයි. වරාය තුළ වසර 06 ක් පුරා ගබඩා කර තැබුණු ඇමෝනියම් නයිටේ‍්‍රට් ටොන් 2700 ක් එලෙස පුපුරා ගිය අතර 200 කට අධික පිරිසක් ඉන් මියගියා.

තුවාල ලැබූවන් සංඛ්‍යාව 4000 කට අධිකයි. රජයේ වගකීම් විරහිතභාවය මෙන්ම දූෂිත භාවයේ ප‍්‍රථිඵලයක් ලෙස මෙම විනාශකාරී පිපිරීම සිදුවූ බවටයි ලෙබනන් වැසියන් චෝදනා නගන්නේ.

Related posts

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7ක් මරුට… මන්ත්‍රීවරයෙකුගේ පුතෙකුත් ඒ අතර (වීඩියෝ)

colombotoday

ඔලිම්පික් බොක්සිං ක්‍රීඩක හොලික්ස් වර්ජෝ ගැබිණි පෙම්වතිය මරා දමයි

colombotoday

ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම්

colombotoday

රුසියාවේ Facebook සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් තහනම් කෙරේ..

colombotoday

Live Reporting: පැරිස් නුවරට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – ප්‍රංශයේ හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි

Admin