Colombo Today Local NewsHot News

‘‘චැනල් 4‘‘ සත්‍ය පිටපත හමුවෙයි. වෙඩි තියන්නේ කොටි… තමිල්ණාඩුවේදී සිංහලෙන් හඬ කවලා.

25_srilanka2_x

ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්‌වූ ශ්‍රී ලංකාවට එරෙහි චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමක්‌ විසින් වසර හතරකට පසු සොයාගෙන ඇත. මෙතෙක්‌ චැනල් 4 චිත්‍රපටයේ සත්‍යතාවය හෙළි වී නොතිබුණි.

යුද අපරාධ සිදු කරන දර්ශන අඩංගු මෙම චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපතේ ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන භටයන් පිරිසක්‌ දර්ශනය වේ.

එහි පිටපතක්‌ එකී ශ්‍රී ලාංකික කණ්‌ඩායම ‘ඉරිදා දිවයින සංග්‍රහය’ ට ද එවා ඇත. 2011 ජුනි 14 වැනිදා එළිදැක්‌වූ චැනල් 4 චිත්‍රපටය කැලම් මැක්‌රේ විසින් නිර්මාණය කර ඇත. එහෙත් විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් දක්‌වන්නේ ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන හඬ ඉවත් කර ඊට සිංහල භාෂාව හඬකවා ඇති බවත්, එය තමිල්නාඩුවේ චිත්‍රාගාරයක සිදු කර ඇති බවත් ය.

මෙම චැනල් 4 සත්‍ය පිටපතේ පිළිබිඹු වන්නේ සිංහල සෙබළුන් බවට සැක කෙරේ. මෙකී චැනල් 4 චිත්‍රපටයේ සත්‍යතාවය සොයා බැලීමට ස්‌වාධීන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ කළ යුතු බව මැක්‌ස්‌වෙල් පරණගම කොමිසම නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ද මෙම චැනල් 4 චිත්‍රපටය ඉදිරිපත් කර තිබුණි.

– දිවයින

Related posts

නාමල් අත්අඩංගුවට?

Admin

සජිත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්? යහපාලන නිවාස අමාත්‍යංශයේ වංචා තොග ගණන් හෙලිවේ. කිහිප දෙනෙකු අත්අඩංගුවට..

colombotoday

රනිල් සමනළයෙක්… රට පාලනය කළේ ඔහුගේ සමනළ කල්ලියයි – මහින්ද වේදිකාවේ ජනපතිගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්..

colombotoday

විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර | පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

colombotoday

අපි අද අමාත්‍යාංශවල යළි වැඩ බාර ගන්නවා – රාජිත

colombotoday

ජනපති හා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

Admin