Colombo Today Local News

චමල් සහ මහින්ද ඉල්ලා අස්විය යුතුයි – වාසු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් පත් කළ නියෝජිතයින් තවමත් එහි සිටින බැවින් ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. සම්බන්ධන් මහතාගේ නියෝජිතයා තවමත් එම සභාව තුළ කටයුතු කරන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා දැඩිව ප්‍රශ්න කර සිටියේය.

ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයා වශයෙන් සිටියදී ඔහුගේ නියෝජිතයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කර තිබුණේ චමල් රාජපක්ෂ මහතාවය.

එසේම වත්මන් තත්වය යටතේ ව්‍යවස්ථා සභාවෙහි සියලු දෙනාම ඉල්ලා අස්විය යුතු බව ද වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කළේය. වාසුදේව නානායක්කාර මහතා මේ අදහස් පළ කළේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ව්‍යවස්ථා සභාවේ වත්මන් සංයුතිය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක්ම එහි සිටී. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයාගේ නියෝජිත මහින්ද සමරසිංහ සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිත චමල් රාජපක්ෂ වශයෙනි.

Related posts

අසාද් සාලිට හෘදයාබාධයක් | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ජාතික රෝහලට යවයි.

colombotoday

අද මාලිගාවත්තේ වෙඩිතැබීමක්

Admin

විදුලි රැහැනක පැටලී දෙදරු මව මිය යයි

Admin

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

Video – කිරින්ද රජමහා විහාරයේ ආගමික වැඩසටහන්වලට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා

colombotoday