Colombo Today Local News

ගෝඨාභය රට හදනු ඇතැයි මට විශ්වාසයි. – සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හදනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් පවතින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම ගැන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

20 සංශෝධනට ඡන්දය ලබාදුන්නේ කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන බවද ඇය සඳහන් කරන්නීය.ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාගේ අත්දෙක බැඳ දමා පිහිනන්න කීම වැරැදි බවත් ඔහුගේ ගිලෙන තුරු බලා සිටීම වැරදි බවත් ඇය පෙන්වා දෙයි.

ජනාධිපතිවරයෙක් ලෙස වැඩක් කරන්න බලයක් තිබිය යුතු බවත් නාමික ජනාධිපතිවරයෙක් වැඩක් නැති බවත් ඇයගේ අදහසයි.තමන් මෙම සංශෝධනයට පක්ෂ වූයේ රට ගැන සිතා බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

සමගි ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා මොනරාගලට වී සිටියදී තමන් මැතිවරණ කොමසාරිස්වරයා සමග පක්‍ෂයේ සියළු කටයුතු කොළඹට වී සිදු කල බවත් ඒ නිසා තමනට මන්ත්‍රී ධූරය ලබාදීම සාධාරණ බවත් ඇය තව දුරටත් පැවසුවාය.

Related posts

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday

“මම දන්නේ නෑ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා” ඇට්ටකුනා වෙන රොටියක් ගැන ජනපති කියයි: Video

colombotoday

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

Admin

ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක්

Admin

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි

Admin