Colombo Today Local News

ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් කැකිරාවෙන් සොයා ගනී…

කැකිරාව, මඩාටුගම හැවැන්තැන්නේගම ප‍්‍රදේශයේ පාලමක් අසළ සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් සහ යුද හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමක් ආරක්ෂකඅංශ විසින් අද (17) සොයා ගෙන ඇත.

සොයාගත් උණ්ඩ  අතර ගුවන්යානා නාශක උණ්ඩ 04ක්, එම්පීඑම්ජී උණ්ඩ 05ක්, මිලි මීටර් 9 පිස්තොල උණ්ඩ හා ගලවා වෙන්කළ උණ්ඩ කොටස් කිහිපයක්ද,  තිබී සොයාගෙන ඇත.

ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් අනුව කළ සෝදිසි මෙහෙයුමකදී එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණි. 

පුපුරණද්‍රව්‍ය තොගය සොයාගත් ස්ථානයට මීටර් 700ක් පමණ දුරකින් හැවැන්තැන්නේගම විද්‍යාලය පිහිටා තිබේ.

 උණ්ඩ තොගය ඉදිරි කටයුතු සඳහා කැකිරාව පොලිස්ස්ථානය වෙත භාරදී තිබේ.

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරු අකුරට වැඩ: කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකියි – වෘත්තීය සමිති කියයි

colombotoday

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

colombotoday

ගෝඨාභයට පුළුවන්ද? බැරිද? ජවිපෙ පහදයි

colombotoday

රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලාත් දිවුරුම් දෙති… විජයකලාටත් රාජ්‍ය ඇමතිකමක්…

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday